චීනය හා නාවුරු රාජ්‍යය අතර සබඳතාවන්හී නව ඇරඹුමක්
2024-01-24 17:09:39
Share with:

චීන - නාවුරු  සබඳතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ වන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා අද (24) බෙයිජිං අගනුවර දී නාවුරු රාජ්‍යයේ විදේශ අමාත්‍ය Lionel Aingimea මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

දින 9කට පෙර නාවුරු කැබිනට් රැස්වීමේදී නාවුරු හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඊනියා “නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ”අත්හිටුවමින් චීන මහජන සමූහාණ්ඩුව සමඟ යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ආරම්භ කිරීමට තීරණය කෙරිණ.ඊට නාවුරු පාර්ලිමේන්තුවේ පූර්ණ අනුබලය හිමි විය. නාවුරු රාජ්‍යයේ විදේශ අමාත්‍ය Lionel Aingimea මහතා සමඟ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ඇරඹීමේ ඒකාබද්ධ නි‍වේදනයට අද අත්සන් තැබුණු අතර ඉන් දෙරටේ සබඳතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බව වං යී මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

තායිවාන දූපතේ අභ්‍යන්තර තත්ත්වය කවර ආකාරයෙන් වෙනස් වුවද තායිවාන ප්‍රදේශය චීනයට අයත් භූමියක් වන ඓතිහාසික හා නිත්‍ය සත්‍යය වෙනස් කළ නොහැකිය. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා චීනයට අනුබල දීමේ ජගත් ප්‍රජාවේ පොදු එකඟතාව ද වෙනස් කළ නොහැකිය. තායිවාන ප්‍රදේශය මව්රටට ආපසු පැමිණ රටේ එක්සත්භාවය ඉටු වන ඓහාසික ක්‍රියාදාමය ද වෙනස් කළ නොහැකි බව වං යී මහතා පවසා ඇත.  


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම