චීනයේ Jiangxi පළාතේ වෙළඳසැලක සිදුවූ ගිනි අනතුර සම්බන්ධ සහන මෙහෙයුම්වලට චීන ජනපතිගෙන් උපදෙස්
2024-01-24 21:49:02
Share with:

බෙයිජිං වේලාවෙන් අද (24) 15:30 ට පමණ චීනයේ Jiangxi පළාතේ Xinyu නගරයේ Yushui දිස්ත්‍රික්කයේ වීදි වෙළඳසැලක ගින්නක් හට ගැනිණ. මේ දක්වා, එම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 39ක් වන අතර තුවාල ලැබූ පිරිස 9කි. තවත් පිරිසක් එම ස්ථානයේ සිරවී සිටිති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අදාල සහන මෙහෙයුම් සඳහා වැදගත් උපදෙස් ලබා දුන්නේය. තුවාල ලැබූවන් බේරා ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් නිසි ලෙස විපතට පත් වූවන්ගේ පවුල්වලට සැනසීම සහ රැකවරණය ලබා දිය යුතු බව හෙතෙම කීය.  එය මෑතකදී සිදු වූ තවත් බරපතල අනතුරක් බවත්, ඊට හේතුව හැකි ඉක්මනින් විමර්ශනය කර අදාළ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතියට අනුව ක්‍රියා කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. අදාළ විවිධ මට්ටමේ අංශ නිෂ්පාදන ආරක්ෂාව සඳහා තම වගකීම් තවදුරටත් තහවුරු කළ යුතුය. එවැනි අනතුරු වැළැක්වීම හා ජනතාවගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා, සැඟවුණු අවදානම් සම්පූර්ණයෙන්ම හඳුනා ගෙන තුරන් කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම