උද්ධමනය ඉහළට
2024-01-23 18:32:20
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස මෙරට උද්ධමනය සියයට 4.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාස උද්ධමනය සියයට 2.8 ක් ලෙස පැවති බවත් ඒ අනුව  දෙසැම්බර් මස එය සියයට 1.4 කින් ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම