ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මෙහෙයුමට චීනයේ අඛණ්ඩ සහාය
2024-01-23 16:29:09
Share with:

ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මෙහෙයුමට චීනය අඛණ්ඩව දායක වන බව චීන වි‍දේශ අමාත්‍යංශය පවසයි.

අද (23) නිකුත් කෙ‍රුණු “ චීනයේ ත්‍රස්ත විරෝධී නීති පද්ධතිය සහ භාවිතය ” නමැති ධවල පත්‍රිකාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විස්තර කළේය.

ත්‍රස්තවාදය ඵලදායී ලෙස වැළැක්වීම හා පාලනය එම ධවල පත්‍රිකාවෙන් පැහැදිළි කෙරෙන අතර, මානව හිමිකම්වලට ගරු කිරීම හා ප්‍රායෝගිකව ආරක්ෂා කිරීම ද ඊට ඇතුළත් බව ඔහු පෙන්වා දුන්නේය. චීනයේ නීති පාලන ආත්මය හා ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මූලධර්මය අතර ගැලපීම ඉන්  පිළිබිඹු කෙ‍රේ.

ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා, විවිධ රටවල් සමඟ ත්‍රස්ත විරෝධී සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීම හරහා ලෝක ත්‍රස්ත විරෝධී මෙහෙයුම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා එහිදී අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම