චීනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තයෙන් පිළිබිඹුවන චීන ආර්ථිකයේ ඉහළ ගුණාත්මකභාවය
2024-01-23 22:16:10
Share with:

 

22වනදා නිකුත් කෙරුණු නිල දත්තවලට අනුව පසුගිය වසරේ චීනයේ භාණ්ඩ බෙදා හැරීමේ සේවාවෙන් ප්‍රවාහනය කර ඇති භාණ්ඩ ප්‍රමාණය බිලියන 132ක් වන අතර වසරින් වසර සියයට 19.4ක වර්ධනයෙන් වසර දහයක් පුරා එය ලොව පළමු ස්ථානය ගැනීමකි. චීනයේ භාණ්ඩ බෙදා හැරීමේ ව්‍යාපාරික ධාරිතාව ලෝකයේ සියයට 60කට වැඩි ප්‍රමාණයක් ගෙන ඇත.

නවීන සේවා කර්මාන්තයේ වැදගත් අංගයක් වශයෙන් භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තය ආර්ථිකය නිරීක්ෂණය කිරීමේ වැදගත් දර්ශකයක් ලෙස සැලකේ. චීනයේ භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ සාධක කවරේ දැයි විමසිය හැකිය.

ප්‍රථමයෙන්ම පරිභෝගිකයින්ගේ මිලදී ගැනීමය. කෝටි 140ක ජනගහණයෙන් ‍ලෝකයේ විශාලතම පරිභෝජන වෙළඳපොල චීනයේ  හැඩ ගැසී තිබේ. දෙවනුව පූර්ණ සැපයුම්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියම කරන ලද කර්මාන්ත වර්ගවල සමස්ත කාර්මික අංග සපිරි ලෝකයේ එකම රට චීනයය. බලවත් කර්මාන්ත සහායක හැකියාව හා යහපත් සැපයුම් දාමය චීන ව්‍යාපාරවල නිෂ්පාදන කාර්යක්ෂමතාව හා නම්‍යශීලිත්වයට ශක්තිමත් සහතිකයක් වී තිබේ. තුන් වනුව, නිෂ්පාදනය හා සැපයුම අතර, ගමනාගමනය රුධිර නල සේ වැදගත්ය. දැනට‍ ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය මාර්ග ජාලය, මහ මාර්ග ජාලය හා ලෝක ඉහල මට්ටමේ වරාය සමූහය චීනයේ ඉදි කර ඇත. රට පුරා පවතින භාණ්ඩ බෙදා හැරීමේ සේවා මධ්‍යස්ථාන දෙලක්ෂ තිස් දහසක්, දෛනිකව පුද්ගල වාර කෝටි 70ක් වෙනුවෙන් සේවා ලබා දෙයි. 

වඩාත්ම වැදගත් සාධකය වන්නේ, සුහුරුකරණ කළමනාකරණය හා තොරතුරුකරණයයි. එය පෙර සඳහන් වූ සියළු සාධක හා යටිතල පහසුකම් වෙනුවෙන්, ‘මොලය’ බද්ධ කිරීමක් වැනිය. භාණ්ඩ පටවා ඇති රාක්ක ස්වයංක්‍රීයව ‘ක්‍රියාත්මක වීම ’, ෂන්දොං පළාතේ ඡිංදාඕ නගරයේ බුද්ධිමය තාක්ෂණික භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක දැකිය හැකිය. රාක්ක යට ඇති රොබෝවරුන් භාණ්ඩ වර්ගීකරණය හා ප්‍රවාහනය සිදු කරන නිසා, ‘මිනිසුන් විසින් භාණ්ඩ හොයා ගැනීම’  ‘භාණ්ඩ විසින් ස්වයංක්‍රීයව නියමිත ස්ථානවලට යෑම’ දක්වා පරිවර්තනය වී තිබේ. එහි කාර්යක්ෂමතාව, සාම්ප්‍රදායික මිනිස් ශ්‍රමයට වඩා ගුණ පහකින් වේගවත් ය.  බුද්ධිමය පැළදුම් මෙවලම් පළඳා ඇති සේවකයින්ගේ භාණ්ඩ හැසිරවීමේ සාමාන්‍ය කාලසීමාව, තත්පර 12කින් අඩු වී ඇත. 

චීනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තය චීන ආර්ථිකයේ ඉහල ගුණාත්මක සංවර්ධනයට මනා පිළිබිඹුවක් ලෙස සැලකිය හැකිය. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම