යුක්රේන අර්බුදයේ අදාළ පාර්ශ්වය සමග යළි සාකච්ඡා අරඹන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-01-23 09:15:23
Share with:

යුක්රේන අර්බුදයට අදාළ පාර්ශ්වයන් අතර සෘජු සම්බන්ධතා පවත්වා ක්‍රමයෙන් යළි සාකච්ඡා ආරම්භ කරන ලෙස චීනය ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ආරක්ෂක මණ්ඩලය යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සමාලෝචනයක් සිදු කළ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව මේ සඳහා සාධනීය තත්ත්වයන් නිර්මාණය කළ යුතු බවත්, ඊට අදාළ අනෙකුත් පාර්ශ්ව නිර්මිත නොවන ක්‍රියාමාර්ග ගැනීමෙන් සහ වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවත් Zhang Jun මහතා එහිදී පැවසීය. යුක්රේන අර්බුදයට මූලික විසඳුමක් සෙවීම සඳහා රුසියාව, යුක්රේනය සහ අදාළ පාර්ශ්ව පොදු, සහයෝගී සහ තිරසර ආරක්ෂක සංකල්පයක් මෙන්ම සමබර,ඵලදායී සහ තිරසර ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීමට අවශ්‍ය බව හෙතෙම පැවසීය. චීනය තවදුරටත් සාමය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයක් ගන්නා බවත් Zhang Jun මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම