යුක්තිය මෙහෙයුම ගතවූ පැය 24 තුළ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට
2024-01-23 18:30:07
Share with:

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම ගතවූ පැය 24 තුළ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. 

ඒ අනුව දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු‍ කෙරෙන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන සම්බන්ධ තුන් දෙනෙක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 17 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම