බෙයිජිං Jiaotong විශ්වවිද්‍යාලයේ කෙන්යානු සිසුන් හා ආදි ශිෂ්‍ය නියෝජිතයන්ට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2024-01-23 17:28:56
Share with:

බෙයිජිං Jiaotong විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කෙන්යානු සිසුන් හා ආදි ශිෂ්‍ය නියෝජිතයන් වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි. චීන කේනයා හා චීන අප්‍රිකා මිත්‍රත්වය වෙනුවෙන් දායක වීමට ෂී ජින්පිං මහතා සිය ලිපියෙන් ඔවුන්  දිරිමත් කර ඇත. 

චීනය හා කෙන්යාව අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේදී දෙරටේ සංවර්ධන අපේක්ෂාවන් සැබෑ වූ අතර දෙරටේ ජනතාවගේ සුබ සෙත ද සමීපව සම්බන්ධ වී තිබෙන බව ෂී ජින්පිං මහතාගේ පිළිතුරු ලිපියේ සඳහන් වේ. Mombasa–Nairobi දුම්රිය මාර්ගය, චීනය හා කෙන්යාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත ව්‍යාපෘතියක් හා සාර්ථක ආදර්ශයකි.  දෙරටේ සාම්‍ප්‍රදායික මිත්‍රත්වය උරුම කර ගෙන වෘත්තීය විෂයික දැනුම මනාව ග්‍රහණය කර ගනිමින් දෙරටේ සහයෝගතාවට කටයුතු කිරීමට ඔවුන්ට හැකිවනු ඇතැයි චීන ජනාධිපතිවරයා සිය අපේක්ෂාවන් පළ කර ඇත. එසේම චීනය හා අප්‍රිකාව අතර සුහදත්වයට තවත් කරුණු එකතු කරමින් ඉහල මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකානු  ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනයට වඩාත් ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවෙතැයි  බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම