ඉරාන-පාකිස්ථාන සබඳතාව ධනාත්මක ප්‍රතිඵල දිනා ගැනීම කෙරෙහි චීනයේ ප්‍රසාදය
2024-01-23 16:27:42
Share with:

ඉරාන-පාකිස්ථාන සබඳතාව ධනාත්මක ප්‍රතිඵල දිනා ගැනීම කෙරෙහි ප්‍රසාදය පළ කරන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(23) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. දෙරටේ තම තානාපතිවරුන් ‍ගේ රාජකාරී එළඹෙන 26 වනදා සිට යළි ආරම්භ කරන බව ඉරාන හා පාකිස්ථාන විදේශ අමාත්‍යංශ ඊයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .එමෙන්ම ආරාධනාවට අනුව, එළඹෙන 29 වනදා ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්ථානයේ සංචාරය කිරීමට ද නියමිතව තිබේ. 

ඉරාන-පාකිස්ථාන සබඳතාව යහපත් වීම කෙරෙහි චීනය  ප්‍රසාදය පළ කරන බවත් දෙපාර්ශ්වය සාකච්ඡා මගින් අන්‍යෝන්‍ය විශ්වාස තහවුරු කරමින් සහයෝගීතා ගැඹුරු කිරීමට අනුබල දෙන බවත් වං වෙන්බින් මහතා පැවසීය. දෙරට සමඟ අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි ස‍හයෝගතා ශක්තිමත් කර ප්‍රාදේශීය සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය පොදුවේ සුරක්ෂිත කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද වං වෙන්බින් මහතා පැවසීය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම