‘චීනයේ ත්‍රස්ත විරෝධී නීති පද්ධතිය සහ භාවිතය’නමැති ධවල පත්‍රිකාව එළි දැක්වේ
2024-01-23 10:47:26
Share with:

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ‘චීනයේ ත්‍රස්ත විරෝධී නීති පද්ධතිය සහ භාවිතය’නමැති ධවල පත්‍රිකාව අද(23)  එළි දැක්වීය.

ත්‍රස්තවාදය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන අතර ත්‍රස්තවාදය මර්දනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීම බව එම ධවල පත්‍රිකාව පෙන්වා දී තිබේ.

වසර ගණනාවක සිට, නීති පද්ධතිය ස්ථාපිත කොට වැඩිදියුණු කිරීම, සාධාරණ අධිකරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් ආරක්ෂාව ඵලදායී ලෙස ශක්තිමත් කිරීම යනාදී නීතිමය භාවිතයන් මගින්, චීනය තම සැබෑ තත්වයට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නීතිමය මාවත ක්‍රමක්‍රමයෙන් ගවේෂණය කොට තිබෙන බව එම ධවල පත්‍රිකාව අවධාරණය කරයි. එය ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව ඵලදායි ලෙස සහතික කර ඇත. ගෝලීය හා කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වයට දායක වී ඇති බව ද එහි සඳහන් වේ.

ගෝලීය ත්‍රස්ත විරෝධී පාලනයට ක්‍රියාකාරීව සහභාගී වී ගෝලීය ත්‍රස්ත විරෝධී ව්‍යායාමයේ විධිමත් සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව එම ධවල පත්‍රිකාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම