චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සිටින බව ප්‍රකාශ කෙරේ
2024-01-23 18:33:29
Share with:

චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් මධ්‍යම හා කුඩා රටවල් සමග සිටින බව ප්‍රකාශ කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(23) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු චීන උප අගමැති ලියු ගෝචොං මහතා නොබැඳි ජාතීන්ගේ හා දකුණු නායකයින්ගේ සමුළුවලට එක්වීම පිළිබඳව විස්තර කළේය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව උප අගමැතිවරයා සමුළු අවස්ථාවල පැවසූ බව වං වෙන්බින් මහතා කියා සිටි‍යේය. 

එසේම විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට, නොබැඳි ව්‍යායාමයේ හවුල්කරුවෙකු හා ‘දකුණු රටවල’ සාමාජිකයෙකු  වශයෙන් චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් මධ්‍යම හා කුඩා රටවල් සමග සිටිමින් දකුණු රටවල පොදු සංවර්ධනය සඳහා කැපවන බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම