චීන ජනපතිගේ නියෝජිත ලයිබීරියා නව ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයට එක් වේ
2024-01-23 14:16:55
Share with:

 ලයිබීරියානු රජයේ ආරාධනාවට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු උප සභාපති Bater මහතා අලුතෙන් ජනපති ධුරයට තේරී පත්වූ Joseph Nyumah Boakai මහතා වෙනුවෙන් පැවති දිවුරුම් දීමේ උත්සවයට එක් විය. එම උත්සවය ඊයේ(22) එරටේ මොන්රෝවියා අගනගරයේදී පැවැත්විණ.

21වනදා Joseph Nyumah Boakai ජනාධිපතිවරයා Bater මහතා හමු විය. ෂී ජින්පිං මහතාගේ උණුසුම් සුබ පැතුම් Bater මහතා විසින් එහිදී ලයිබීරියානු නව ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදි. ලයිබීරියාව සමග අන්‍යෝන්‍ය අවබෝධය හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා ප්‍රවර්ධනය කරමින් අංගසම්පූර්ණ සහයෝගතා හවුල්කාරීත්වය නව ප්‍රතිඵල දිනා ගැනීමට කටයුතු කරන බව  ඔහු පැවසීය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාට සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමන ලෙස Joseph Nyumah Boakai ජනාධිපතිවරයා එහිදී Bater මහතාගෙන් ඉල්ලා සිටියේ ය. එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින තම රට චීනය සමග යටිතල පහසුකම්, මානව සම්පත් යන ක්ෂේත්‍රවල සහයෝගය පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම