2024 චීනය ගෝලීය වෙළඳ ප්‍රජාවට යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කරන වසරකි
2024-01-23 09:34:49
Share with:

චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි රට වශයෙන් සිය ආර්ථිකයේ කාර්යසාධනය පිළිබඳ වාර්ෂිකව ඇගයීම් සිදු කරන රටකි.  එය රටේ පාලනය සම්බන්ධව විග්‍රහ කරන විට සමාජ ප්‍රගමනය, අනාගත අභිලාෂයන් සහ අතීතය පිළිබඳ මනා පසු විපරමක් සපයන වැදගත් සාධකයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පවසයි. 2024 වසරේ චීනයේ ආර්ථික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ පැහැදිලි මගපෙන්වීමක් ලබා දීම මූලික අභිප්‍රාය කර ගනිමින් මෙවර ආර්ථික කාර්ය සමුළුව පැවැත්විණ.

පසුගිය කාලය තුළ ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයක පැවතුන ද චීනය සිය නවෝත්පාදන, විද්‍යා තාක්ෂණ ශක්‍යතාව මගින් විශාල සාර්ථකත්වයක් අත් කර ගත්තේය. විශේෂයෙන්ම ඉදිරි වසරේ දී නවීන කාර්මික පද්ධති සංවර්ධනය සහ විදේශීය ආයෝජකයින්ට චීනයේ පවතින ව්‍යාපාර අවස්ථා වඩාත් පුළුල් කර දීම වැනි කාර්යයන් උදෙසා නව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත. ලොව ඉහළ පෙළේ බහුජාතික සමාගම්වල විධායක නිලධාරීන් රැසක්ම පසුගිය වසරේ චීනයේ සංචාරය කිරීම එහි සංධිස්ථානගත අවස්ථාවකි.

මෙවර ආර්ථික කාර්ය සමුළුව ආර්ථික කටයුතුවලින් චීන රජය නොසැලී ඉහළ මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ දැඩි අධිෂ්ඨානය ද පෙන්නුම් කළ සමුළුවක් බව හෙතෙම කියාසිටී. වෙළඳ කටයුතුවලදී ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තුළ චීනය ගෝලීය සංවර්ධනයට සහාය වීමට එහිදී ගත් ප්‍රයත්නය ඉතා වැදගත් ය. 

සේවා කර්මාන්ත සඳහා වෙළඳපොළ ප්‍රවේශය ලිහිල් කිරීම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ආර්ථික හා වෙළඳ නීතිරීතිවලට අදාළ රෙගුලාසි සකස් කොට විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරයි. එය චීනය ලබා දුන් ඉහළ ආණ්ඩුකරණයක ආදර්ශයකි.  ඒ තුළින් ලාභදායි ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන ගෝලීය වෙළඳ ප්‍රජාවට යහපත් ව්‍යාපාර පරිසරයක් චීනය සකස් කරමින් සිටින බව මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම