නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස් ඇතුළත් ග්‍රන්ථයක්
2024-01-23 19:11:06
Share with:

නිෂ්පාදන කර්මාන්තය මගින් ශක්තිමත් රටක් ගොඩනැගීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් අදහස් අධ්‍යයනය කිරීමේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම ග්‍රන්ථය චීනයේ කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යංශය විසින් සංස්කරණය කරන ලද අතර එය චීන මහජන ප්‍රකාශන ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර රට පුරාම බෙදා හැර තිබේ.

නිෂ්පාදන කර්මාන්තය ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන අතර රට ශක්තිමත් කිරීමේ පදනමකි.ශක්තිමත් නිෂ්පාදන රටක් ගොඩනැගීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස් නව යුගයේ ෂී ජින් පිං මහතාගේ චීන ලක්ෂණයන් සහිත සමාජවාදී චින්තනයේ වැදගත් කොටසකි.එය නව යුගයේ හා නව ගමන් මාර්ගයේ ශක්තිමත් නිෂ්පාදන රටක් ගොඩනැගීමේ මාර්ගෝපදේශය හා මූල්ධර්මයයි. ශක්තිමත් නිෂ්පාදන රටක උපාය මාර්ගය, සංවර්ධන ඉලක්කය, වැදගත් වගකීම් යන අංශවලින්, ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස්වල කේන්ද්‍රීය කරුණු, චින්තනික හරය, අර්ථයන් හා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා, පරිච්ඡේද 12කින් යුත් එම ග්‍රන්ථය මගින් පැහැදිලි කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම