“3820 උපායමාර්ගය”ඔස්සේ හරිත සංවර්ධනයෙන් පිබිදෙන “Fu zhou නගරය
2024-01-23 10:25:51
Share with:

“Fu zhou නගරයේ විසි වසරක ආර්ථික හා සමාජ සංවර්ධන උපායමාර්ගය”හෙවත් “3820 උපායමාර්ගය” චීන ජනාධිපති, එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ Fu zhou නාගරික සභාවේ ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රමුඛත්වයෙන් 1992 වසරේදී සකස් කළ උපායමාර්ගික වැඩපිළිවෙළකි. නාගරික සංවර්ධනය, පරිසර සංරක්ෂණය, සංස්කෘතිය හා අධ්‍යාපනය යන අංශ වෙනුවෙන් වූ විශේෂ සැලසුම් ද එයට ඇතුළත් ය. ජනතාව කේන්ද්‍ර කර ගැනීම යන සංකල්පය එම වැඩපිළිවෙලේ ප්‍රධාන සංකල්පයයි.

නිවාස ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්නයක් මෙන්ම සංවර්ධන ප්‍රශ්නයක් ද වේ. එය “3820 උපායමාර්ගය” තුළ තිරසරව ක්‍රියාවට නැංවීම විශේෂත්වයකි. එහි සැබෑ තත්ත්වය විමසා බැලීම වෙනුවෙන් 2000 වසරේ ජූලි මස 2 වනදා එවකට Fujian පළාත් ආණ්ඩුකාර ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පළාතේ ප්‍රධාන ක්‍රියාකාරී දෙපාර්තමේන්තුවල නිලධාරීහූ Fu zhou නගරයේ Cangxia ප්‍රජාවේ විමර්ශන හා පර්යේෂණ චාරිකාවක නිරත වූහ.

ආර්ථික හා පාරිසරික සංවර්ධනය ප්‍රවර්ධනය කළ  යුතු අතර තාවකාලික ආර්ථික ප්‍රතිලාභ සඳහා පාරිසරික සම්පත් කැප කිරීමේ ඕනෑම ක්‍රියාවක් කිසිසේත්ම වාසිදායක නොවන බව ෂී ජින් පිං මහතා Fuzhou නගරයේ පරිසර සංරක්ෂණ සමුළුවකදී අවධාරණය කළේය.

“3820 උපායමාර්ගය” ඇරඹීමත් සමග Fuzhou නගරය අඛණ්ඩව හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් සිටී. එමෙන්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන ක්‍රමයක් පවත්වා ගනිමින් ජනතාවට අඛණ්ඩව ප්‍රතිලාභ, සතුට හා ආරක්ෂාව  ලබා දෙන වටපිටාවක් ද නිර්මාණය කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම