චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරවල ඉහළ වර්ධනයක්
2024-01-22 11:34:17
Share with:

2023 වසරේ චීනයේ ශීඝ්‍රගාමී බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව භාණ්ඩ  බිලියන 132 ඉක්මවා යයි. චීන ජාතික තැපැල් කාර්යාංශයේ අධීක්ෂණ දත්තවලින් මේ බව අනාවරණය වී ඇත.

 2023 වසරේ චීනයේ තැපැල් ව්‍යාපාර පරිමාව භාණ්ඩ බිලියන 162 ඉක්මවා ගොස් තිබෙන අතර, එම ප්‍රමාණය 2022 වසරට සාපේක්ෂව 16.8% ක වර්ධනයකි. ඉන් ශීඝ්‍රගාමී බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව බිලියන 132 ඉක්මවා තිබෙන අතර එම ප්‍රමාණය 2022 වසරට වඩා 19.4% කින් වර්ධනය වී ඇතැයි අදාළ දත්ත වාර්තාවන් හි දැක්වේ.

වේගයෙන් වර්ධනය වන ශීඝ්‍රගාමී තැපැල් කර්මාන්තය පාරිභෝගික වෙළඳපොළේ සමෘද්ධිය හා ජීවය මෙන්ම කාර්මික ඒකාබද්ධතාව සඳහා නව ශක්තියක් සපයා ඇත. එසේම, සෙසු කර්මාන්තවල දියුණුවටත්, ඉල්ලුම් හා සැපයුම් දාමයන්ගේ මනා ක්‍රියාකාරීත්වයටත් ඉන් ඉහළ ප්‍රතිලාභ හිමි වී ඇතැයි ද චීන ජාතික තැපැල් කාර්යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම