ඉරානය හා පකිස්තානය සංවාද මාර්ගයෙන් මතභේද තුරන් කිරීමට චීනයේ සහාය
2024-01-22 18:24:14
Share with:

ඉරානය හා පකිස්තානය සංවාද මාර්ගයෙන් මතභේද තුරන් කිරීමට සහාය වන බව චීනය පවසයි.

   චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ පැවසුවේ අද(22) පැවති මාධ්‍ය හමුවේදී ඉරානය හා පකිස්තානයට අදාලව මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

   එම රටවල් දෙක සමග චීනය සමීප අදහස් හුවමාරුව පවත්වා ගෙන යමින පවතී. දෙරට එකිනෙකාගේ මිත්‍රශීලි අසල්වැසි රටක් වන අතර දෙරටම චීනයේ හොඳ මිතුරන් වේ. කලාපීය හා ජාත්‍යන්තර සාමය ආරක්ෂා කිරීමෙහි නිරත චීනය රටවල් දෙක සංවාදයෙන් ගැටළු විසඳා ගැනීමට සහාය වෙයි. ඉරානයේ හා පකිස්තානයේ අවශ්‍යතාව මත දෙර‍ට සම්බන්ධතාව විධිමත් කිරීම සඳහා සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කිරීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම