චීනයේ නව සංශෝධිත “හමුදා නීති සම්පාදන කටයුතු පිළිබඳ රෙගුලාසි” නිකුත් කෙරේ
2024-01-22 19:33:02
Share with:

චීන මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා නියෝගයකට අත්සන් තබමින් නව සංශෝධිත “හමුදා නීති සම්පාදන කටයුතු පිළිබඳ රෙගුලාසි” නිකුත් කළේය. එම රෙගුලාසි ලබන මාර්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක කෙරේ.

එම නව සංශෝධිත රෙගුලාසි මගින් චීනයේ හමුදා නීති සම්පාදනයේ මාර්ගෝපදේශය සහ මූලික මූලධර්ම පැහැදිලි කෙරේ. හමුදා රෙගුලාසි සැකසීමේ  අධිකාරි බලය ඉන් නියම කර ඇත.

හමුදා නීති සම්පාදන කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය සහ හමුදා පාලනය පුළුල් ලෙස ශක්තිමත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එම නව සංශෝධිත රෙගුලාසි විශාල වැදගත්කමක් දරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම