Yunnan පළාතේ නායයාමේ විපත් සහන කටයුතු පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
2024-01-22 14:20:54
Share with:

Yunnan පළාතේ Zhenxiong කෝරළයේ සිදු වූ නායයෑම් විපතින් පසු අදාළ සහන මෙහෙයුම්වලට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් දෙයි. 

අද(22) පෙරවරුවේ 6ට පමණ චීනයේ Yunnan පළාතේ Zhenxiong කෝරළයේ Liangshui ගම්මානයේ සිදු වූ නාය යාමට පවුල් 18ක නිවාස යටවූ අතර පුද්ගලයෝ 47 දෙනෙක් අතුරුදන් ව සිටිති. 

එම විපත සිදු වීමෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා සහන මෙහෙයුම් වෙනුවෙන් වැදගත් උපදෙස් ලබා දුන්නේය. 

අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමට උපරිම උත්සාහ දැරිය යුතු අතර මිය ගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව හැකි තරම් අඩු කිරීමට ක්‍රියා කළ යුතු ය. විපත් තත්ත්වයේ නිරීක්ෂණ හා අනතුරු ඇඟවීම් කටයුතු තහවුරු කර විද්‍යාත්මක පියවර අනුගමනය කර ද්විතියික විපත් වළක්වා ගත යුතු බවද හෙ‍තෙම සඳහන් කර තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට අවශ්‍ය සහාය ලබා දී නිසි ආකාරයෙන් යළි නවාතැන් පහසුකම් සැලසිය යුතුය.

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය ආසන්නවීමත් සමඟ ඒ ඒ ප්‍රදේශයේ හා අදාළ අංශ අනතුරු සාධකයන් නිරීක්ෂණ කර ඒ ඒ පාර්ශ්වයන්ගේ වගකිම් ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි පියවර ගත යුතුය. ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා, විශාල ජීවිත අනතුරු සිද්ධි ඇති වීම වැළැක්විය යුතු බවද ෂී ජින් පිං මහතා දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම