යුගයේ අවශ්‍යතාවට ගැලපෙන දරාගැනීමේ ශක්තිය හා ඥානය චීනය සතු බව ලෝක ආර්ථික සංසදයේ විධායක සභාපති කියාසිටී
2024-01-22 11:28:30
Share with:

     

ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුව ජිනීවා නුවර දී පසුගිය දා පැවැත්විණ. මෙවර සමුළුව නිමිති කරගෙන චීන මාධ්‍ය සමූහය ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ, විධායක සභාපති Klaus Martin Schwab මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

      ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ විශ්වාසය යළි ‍ගොඩනැගීම යන්නයි. වත්මන් ලෝකය කොවිඩ් වසංගතය මතුවීමට පෙර වූ ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් වී ඇත. මානව ප්‍රජාව තුළ එකිනෙකා කෙරෙහි පැවති විශ්වාසය කෙමෙන් පිරිහී තමන් පිළිබඳ පමණක් අවධානය යොමුකිරීමේ තත්ත්වයක් ඇති වී තිබේ. එබැවින් විශ්වාසය යළි ‍ගොඩනැගීම යන තේමාව ඉස්මතු කරමින් ජගත් ප්‍රජාව තුළ නවාකාරයේ සංවර්ධනාත්මක ජීවගුණයක් තහවුරු කිරීමට අපේක්ෂා කළ බව Klaus Martin Schwab මහතා සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ ය. එමගින් අනාගතය පිළිබඳ මනා විශ්වාසයකින් පසුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.

        Klaus Martin Schwab මහතා පැවසූ පරිදි ජගත් ප්‍රජාව මුහුණ දී සිටින්නේ එක් අර්බුදයකට නොව බහුවිධ අභියෝගවලට ය. ආර්ථිකය, භූ දේශපාලනය, ජෛව පරිසරය හා විද්‍යා තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල පරිවර්තනයන් හේතුවෙන් ලෝකය බෙදී යාම වඩාත් සංකීර්ණ තත්ත්වයකි. 2017 වසරේ ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ‍ලෝක ආර්ථිකය දුෂ්කරතාවලින් මුදාගැනීම පිළිබඳ චීන යෝජනාව ඉදිරිපත් ක‍ර තිබිණ. එම චීන යෝජනාව උපුටා දක්වමින් Klaus Martin Schwab මහතා පවසන්නේ චීන ජනාධිපතිවරයාගේ අදහස් තුළින් යුගයට ගැලපෙන ආකාරයෙන් වගකීම් දරාගැනීමේ ධෛර්යය හා ඥානය චීනය සතු ය යන්න සනාථ වී ඇති බවයි. ඒක ධ්‍රැවීය ලෝකයක සිට බහු ධ්‍රැවීය ලෝකයකට පරිවර්තනය වන ලෝකය වෙනස් වෙමින් පවතී. එදා ඉදිරිපත් කළ යෝජනාව පමණක් නොව මෑත වසරවල චීන ජනාධිපතිවරයා රැගෙන ආ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව‍ ගොඩනැගීම ඇතුළු සංකල්ප සහ යෝජනා ද Klaus Martin Schwab මහතාගේ ඇගයීමට ලක්විය. චීනය ලද සංවර්ධන ජයග්‍රහණ හෙතෙම ඉහළින් අගය කළේ ය. යම් යම් හේතු මත සියලු රටවල් ආර්ථික ගැටළුවලට මුහුණ දී සිටියත් ඒවාට නිසි විසඳුම් සොයා දෙමින් දුෂ්කරතා ජයගැනීමේ ඥානය චීනය සතු බවට ද හෙතෙම විශ්වාසය පළ කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම