චීනයේ නිෂ්පාදිත කලිසම් හා මේස් පමණක් තර්ජනයක් ලෙස‍ට නොසලකන ඇමරිකාව
2024-01-22 18:38:36
Share with:

චීන සංවර්ධනයට බාධා කිරීමේ ඇමරිකාවේ සැබෑ අරමුණ වඩා පැහැදිලි බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (22)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. “ආරක්ෂක තර්ජන හා අවදානම්”නමින් ස්විට්සර්ලන්තයේ තාක්ෂණ සමාගමක් වන ABB වෙත ඇමරිකා කොංගසයේ කමිටු දෙකක් විසින් ලිපි යොමු කර තිබේ.එම සමාගම ඇමරිකානු රාජ්‍ය ආයතන සමග සහයෝගතා පැවැත්වූ කාලයේ චීන රාජ්‍ය ව්‍යවසායන් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා තිබීම පිළිබඳව පැහැදිලි කරන ලෙස එම ලිපි මගින් ABB සමාගමෙන් ඉල්ලා ඇත. 

මේ සම්බන්ධයෙන් Reuters පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා අදහස් පළ කළේය. ඇමරිකානු ඇතැම් දේශපාලනඥයන් ඊනියා “චීන තර්ජන ” අයුතු ලෙස ප්‍රචාරය කරමින් රාජ්‍ය ආරක්ෂාව නමින් චීන සංවර්ධනයට බාධා කිරීමේ සැබෑ අරමුණ  වඩාත් පැහැදිලි බව හෙතෙම ප්‍රකාශ කළේය. චීනය කවර දිශාවකික් දියුණු වූවත් එම දිශාව තර්ජනයක් ලෙස සලකා ඔවුහූ ඕනෑම ආකාරයේ පියවර යොදා ගනිමින් ඊට එරෙහිව ක්‍රියා කරති. චීනයෙන් අපනයනය කෙරෙන කමිස හා මේස් පමණක් ඇමරිකාවට තර්ජනයක් නොවන බව පෙනේ. ඇමරිකානු දේශපාලනඥයන්ගේ ක්‍රියා සම්පූර්ණයෙන් දාමරික ක්‍රියා බවද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම