චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප අගමැති නොබැඳි ව්‍යාපාරයේ 19 වැනි සමුළුවට සහභාගී වේ
2024-01-22 11:16:52
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත සහ උප අගමැති Liu Guozhong මහතා 19වැනිදා සිට 20වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවති නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

චීනය සෑම විටම සංවර්ධනය වෙමින් පවතින රටවලින් එකක් වන බව Liu Guozhong මහතා අවධාරණය කළේ ය."එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ගොඩනගමින් සාමය, ආරක්ෂාව, සෞභාග්‍යය සහ ප්‍රගතිය පිළිබඳ දීප්තිමත් අනාගතයක් කරා ලෝකය ප්‍රවර්ධනය කිරීම සඳහා නොබැඳි ජාතීන්ගේ රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී පැවසීය.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයන්, ඉහළ පෙළේ නියෝජිතයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහු ද සමුළුවට එක්ව සිටියහ. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ මුලසුන දරන රට වන උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni මහතා, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නායකයා සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ද එහිදී දේශන පැවැත්වූහ. චීන උප අගමැතිවරයාගේ දේශනය විවිධ රටවල නියෝජිතයින් ධනාත්මක ලෙස පිළිගෙන පුළුල් ලෙස අගය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම