ගෝලීය සාමය තහවුරු කිරීම සඳහා චීනය ගන්නා උත්සාහයන් නොබැඳි රටවල පැසසුමට
2024-01-22 11:23:45
Share with:

ගෝලීය ගැටළුවලදී සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ කාර්යභාරය උගන්ඩාවේ, සුඩානයේ සහ බොලිවියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැසසුමට ලක් වෙති.

සංවර්ධනය වෙමින් පවතින රටවල දේශපාලන, සමාජීය සහ ආර්ථික යහපැවැත්ම සඳහා චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔවුන් පවසා තිබේ. සෙනසුරාදා අවසන් වූ 19 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ ඉරිදා ආරම්භ වූ 3 වන දකුණු සමුළුවේදී ෂින්හුවා මාධ්‍ය ‍වෙත අදහස් දක්වමින් එම නිලධාරීහු මේ අදහස් පළ කළහ.

සුඩානයේ වැඩබලන විදේශ අමාත්‍ය Ali Al-Sadiq මහතා පැවසුවේ චීනය අප්‍රිකානු රටවල සංවර්ධනයට දක්වන දායකත්වය හේතුවෙන් චීනයේ පැවැත්ම කෙරෙහි සාධාරණත්වයෙන් බලන බවයි.

යටත් විජිතවාදයට එරෙහි අරගලවල සිටම සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ සහය හිමි වූ බවත්, සැමවිටම ගැටුම් සාමකාමීව සමථයකට පත් කිරීම සඳහා චීනය පෙනී සිටින බවත් උගන්ඩාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Okello Oryem මහතා සඳහන් කළේය.

චීනය දකුණු ඇමරිකාවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස හැඳින් වූ බොලිවියාවේ විදේශ කටයුතු අමාත්‍ය Celinda Sosa Lunda මහත්මිය, ඊශ්‍රායල-පලස්තීන ගැටුම විසඳීමේදී බොලිවියාව චීනය හා සමාන මතයක් දරන බව පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම