චීනයෙන් ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑම්
2024-01-22 18:45:05
Share with:

ලෝක ආර්ථික ප්‍රකෘතියට චීනය තවදුරටත් ජවය දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනය අඛණ්ඩව වෙළඳපොල ඉල්ලුම මුදා හරිමින් ලෝක වෙළඳාම හා ආයෝජන වර්ධනයට වඩා පුළුල් අවකාශයක් ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

ගිය සතියේ පැවති ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික සමුළුවේදී, චීනයෙන් ඉ‍ගෙන ගනිමින්, අයිස් සහ හිම ආර්ථික සම්පත් බෙදා ගැනීම සඳහා වඩා චීන සංචාරකයන් ආකර්ෂණය කිරීමට අපේක්ෂා කරන බව ස්විට්සර්ලන්ත ජාතික සංචාරක දෙපාර්තමේන්තු ප්‍රධානියා පවසා ඇත.

මේ අතර, චීනයේ අයිස් සහ හිම ආර්ථිකය සංවර්ධන අදියරක පවතී. 2023-2024 කාල‍ය තුළ, චීනයේ අයිස් සහ හිම සංචාරකයින් මිලියන 400 ඉක්ම වනු ඇතැයි සලකන බව Wang Wenbin මහතා එහිදී කීය. ඊට අදාළ සංචාරක කර්මන්ත ආදායම චීන යුවාන් බිලියන 550 කට ළඟා වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. චීනයේ අයිස් සහ හිම ආර්ථිකය හා උත්සව ආර්ථිකය තුළ පවතින ශක්තිමත් සංවර්ධන ප්‍රවණතාව ලෝක සංචාරක වෙළඳපොලට ශක්තිමත් ජවය එක් කරනු ඇති අතර, චී‍න‍ ආර්ථිකයේ ප්‍රවේගය ඉන් දැක ගත හැකි බව Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම