චීන උගන්ඩා සබඳතා තවදුරටත් වර්ධනයට පියවර
2024-01-22 17:05:11
Share with:

උගන්ඩා ජනාධිපති Yoweri Kaguta Museveni මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත Liu Guozhong මහතා හමු වේ.

පසුගිය 20වනදා Liu Guozhong මහතා උගන්ඩාවේ පැවති නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුව හා තුන්වන දකුණු නායකයින්ගේ සමුළුවට එක්වූ අතරතුර එම හමුව සිදුවිය. 

යටත්විජිත ආධිපත්‍යයට ඒකාබද්ධව විරුද්ධ වෙමින් ජාතික නිදහස දිනා ගැනීමේ ඉතිහාසයේ සිට, සමගි සහයෝගතා පුළුල් කරමින් පොදු සංවර්ධනය ළඟා කර ගැනීමට උත්සාහ දැරීම දක්වා, අප්‍රිකානු ජනතාවගේ හා චීන ජනතාවගේ දෛවය සැමවිටම එකට බැඳී තිබෙන බව උගන්ඩා ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. සාම්ප්‍රදායික මිත්‍රත්වය විදහා පාමින් එකිනෙකාගේ කේන්ද්‍රීය ජයග්‍රහණයන්ට සහාය වෙමින් දෙරටේ ජනතාවට වාසී ලබා දෙන ප්‍රායෝගික සහයෝගතා ව්‍යාප්ත කිරීමට තම රට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. 

උගන්ඩාව සමග සම්බන්ධතාව උපරිමයෙන් වැදගත්කොට සලකන චීනය එරට සමග එක්ව දෙරටේ නායකයින්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති Liu Guozhong මහතා එහිදී කියා සිටියේය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට අන්‍යෝන්‍ය සහාය තහවුරු කර සහයෝගතා හැකියාවන් ගවේෂණය කරමින් ජගත් කටයුතු තුළ සම්බන්ධීකරණය පුළුල් කිරීමට චීනය කැමති බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම