වනසතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව කෙරෙහි අවධානය
2024-01-22 15:37:27
Share with:

වනසතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ප්‍රමුඛත්වය ලබා දීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විශේෂයෙන් රිළව්, වල් ඌරන්, දඩු ළේනුන් තම වගාවන් විනාශ කළ බවත් මේ වනවිට ඔවුන් සිදු කරන වගා හානිය සියයට පනහ ඉක්මවා ඇති බවත් ගොවීන් පවසා තිබේ.

මෙම වනසත්ව ගහණය අවම කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකස්  කිරීම  හෝ තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් අවි ලබා දීමේ නීතිය සංශෝධනය කර තමන්ට ගිනි අවි තබා දෙන ලෙස ‍ගොවීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම