චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ දෙවැනි පෙරහුරුව සාර්ථකව පැවැත්වේ
2024-01-22 09:51:06
Share with:

ලබන මාසයේ උදාවන චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන 2024 වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ දෙවැනි පෙරහුරුව පැවැත්වේ.

බෙයිජිං හි ස්ථාපනය කෙරෙන ප්‍රධාන ප්‍රසංග වේදිකාවට සමගාමීව Liaoning පළාතේ Shenyang, Hunan පළාතේ Changsha, Shaanxi පළාතේ Xi’an සහ Xinjiang උයිගුර් ස්වායත්තයේ Kashi යන නගරවල ස්ථාපනය කෙරෙන අනුවේදිකා සියල්ල ඊයේ (21) පැවති පෙරහුරුවට එක්විය. එහිදී පිළිබිඹු කෙරුණු ප්‍රසන්න හා උද්‍යෝගිමත් බව, චීනයේ විවිධ ප්‍රදේශවල නව මුහුණුවරක් මනාව කියාපෑම ද විශේෂත්වයකි.

එම අනුවේදිකා හතර තම ප්‍රදේශ සතු සුවිශේෂ අනන්‍යතා, පසුතල නිර්මාණ මෙන්ම වැඩසටහන්වලට සුසංයෝග කර තිබීම කැපීපෙනේ. එම පෙදෙස්වල ජනජීවිතය හා නව වසරේ උණුසුම ද එහිදී මැනවින් ඉස්මතු වී ඇත.



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම