කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්
2024-01-22 15:43:20
Share with:

කොළඹ නගරයේ  රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. එය අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස එය කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී හඳුනාගන්නා මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.මේ අතර මෙම වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එම වැඩපිළිවෙළෙන් බස් රථ නියාමනය සිදු කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම