ෂී ජින් පිං මහතාගේ උපායමාර්ගික වැඩපිළිවෙළ සමග වේගවත් සංවර්ධනයක් උරුම කර ගත් Fu zhou නගරය
2024-01-21 21:27:56
Share with:

 

“Fu zhou නගරයේ විසි වසරක ආර්ථික හා සමාජ සංවර්ධන උපායමාර්ගය”හෙවත් “3820 උපාය මාර්ගය” චීන ජනාධිපති, එවකට Fu zhou නගර සභාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රමුඛත්වයෙන් 1992 වසරේදී සකස් කළ උපායමාර්ගික වැඩපිළිවෙළකි. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය එම වැඩපිළිවෙළේ ප්‍රධානම සාධක ය. “3820 උපායමාර්ගය”ක්‍රියාත්මක කිරීමෙන් ගෙවුණු දශක දෙකේ Fu zhou නගරයේ විශාල පරිවර්තනයක් සිදු වී ඇත.

  අග්නිදිග චීනයේ Fu jian පළාතේ අගනුවර වන Fu zhou නගරය මිලියන 4ක විදෙස්ගත චීන ජාතිකයන්ගේ උපන් ගම වේ. Fu zhou නගර සංවර්ධනය වෙනුවෙන් එම විදෙස්ගත චීන ව්‍යවසායකයන්ගෙන් මූල්‍ය හා ආ‍යෝජන සහය ලබාගැනීමේ වැදගත්කම ෂී ජින් පිං මහතාට මැනවින් අවබෝධ විය. එම මූල්‍ය හා ආයෝජන සහය ලබාගැනීම සඳහා හෙතෙම විදේශ රටවලට කණ්ඩායම් රැගෙන ‍ගොස් එම වැඩපිළිවෙළ මෙහෙයවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් Fu zhou නගරයේ විදෙස්ගත චීන ව්‍යවසායකයන්ගේ ආයෝජන සහිත කාර්මික කලාප ගණනාවක් ස්ථාපිත කර තිබේ.

 “3820 උපායමාර්ගය”අනුව Fu zhou නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය ද වේගවත් කර ඇත. ගුවන් තොටුපළ, වරාය, අධිවේගී මාර්ග ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ද සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ. එමෙන් ම විදෙස්ගත ආ‍යෝජන සඳහා චීන ව්‍යවසායකයන් හා විදෙස් ව්‍යවසාකයන් Fu zhou නගරයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් පරිපාලනමය ප්‍රතිසංස්කරණයක් ද සිදු කර ඇත. එමගින් ආයෝජකයන් වෙනුවෙන් වඩාත් යහපත්, නිදහස් හා කාර්යක්ෂම ව්‍යාපාරික පරිසරයක් Fu zhou නගරය තුළ නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

 2010 වසර වන විට “3820 උපායමාර්ගය” තුළ අන්තර්ගත සියලු ඉලක්ක Fu zhou නගරය සාක්ෂාත් කර තිබිණ. Fu zhou නගරය නව මුහුණුවරකින් සුමට හා වේගවත් සංවර්ධන ක්‍රියාවලියක නිරත වෙමින් අද වනවිට චීනයේ සශ්‍රීක නගරයක් බවට පත්ව ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම