නව බහු ධ්‍රැවීකරණ ජාත්‍යන්තර ක්‍රමයක් ගොඩනැගීමට රුසියා සහ උතුරු කොරියාව එක් වෙයි
2024-01-21 19:00:02
Share with:

රුසියා විදේශ ඇමතිවරයාගේ ආරාධනාවකට අනුව උතුරු කොරියා විදේශ ඇමතිනි Choe Son Hui මහත්මිය ප්‍රමුඛ උතුරු කොරියා නියෝජිත කණ්ඩායම පසුගිය 15 වනදා සිට 17 වනදා දක්වා රුසියා‍වේ නිල සංචාරයක නිරතව තිබේ. එම සංචාරය තුළ එම නියෝජිතයන්, රුසියා ජනාධිපති Vladimir Putin මහතා හා විදේශ ඇමති Sergey Lavrov මහතා හමු වී තිබේ.

මෙම රුසියා සංචාරය පිළිබඳ සඳහන් කරමින් ඊයේ(20) උතුරු කොරියා විදේශ ඇමතිවරියගේ ලේකම් කාර්යාලය නිවේදනයක්  නිකුත් කළේය.

එම නිවේදනයට අනුව කොරියා අර්ධද්වීපය, ඊසාන දිග ආසියාව ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ දෙපාර්ශ්වය උපායමාර්ගික සංවාද පවත්වමින් එකඟතාවට පැමිණ ඇත. උතුරු කොරියාවේ හා රුසියාවේ කේන්ද්‍රීය ප්‍රතිලාභ රැක ගැනීම හා ස්වාධීනත්වය හා යුක්තිය පදනම් කර ගත් නව බහු ධ්‍රැවීකරණ ජාත්‍යන්තර ක්‍රමයක් ගොඩනැගීම වෙනුවෙන් තවදුරටත් උපායමාර්ගික සහයෝගිතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කර තිබේ.

උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට එරට රාජ්‍ය සභාවේ සභාපති Kim Jong-un මහතා කළ ආරාධනාවට ස්තුතිය පළ කරමින් කඩිනමින් සංචාරයක නිරත වීමට Vladimir Putin මහතා අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම