ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නව උපායමාර්ගික වැඩපිළිවෙළ යටතේ සශ්‍රීකත්වයට පත් වූ Fu zhou නගරය
2024-01-21 19:25:18
Share with:

Fu zhou නගරය අග්නිදිග චීනයේ Fu jian පළාතේ අගනුවර ය. මීට වසර 30කට පමණ පෙර නොදියුණු තත්ත්වයේ පැවති මෙම නගරය මේ වන විට දැවැන්ත සංවර්ධන ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. Fu zhou නගරයේ මෙවන් පරිවර්තනයක් සිදු වී ඇත්තේ වි‍ශේෂ උපායමාර්ගික වැඩපිළිවෙළක් හේතුවෙනි. චීන ජනාධිපති, එවකට Fu zhou නගර සභාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා “Fu zhou නගරයේ විසි වසරක ආර්ථික හා සමාජ සංවර්ධන උපායමාර්ගය”මැයෙන් නව වැඩපිළිවෙළක් සැලසුම් කළේ 1992 වසරේදී ය.

1992 වසර චීනයට ඉතා වැදගත් වසරක් විය. එම වසරේ එවකට චීන නායකයෙකු වූ Deng Xiao ping මහතා රට පුරා ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබිණ. වෙරළාසන්න ප්‍රදේශයේ අගනගරයක් වශයෙන් Fu zhou නගරය එම නව ප්‍රතිපත්තියට අනුගත වෙමින් නොදියුණු තත්ත්වයෙන් මුදාගත යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. ඔහුගේ මුලපිරුම යටතේ නගරයේ සංවර්ධනයට අදාළ මාතෘකා 581ක් කේන්ද්‍ර කරගනිමින් නිලධාරීන් 1600කගේ පමණ සහභාගීත්වයෙන් පුළුල් සමීක්ෂණයක් ආරම්භ කළේ ය. සාමාන්‍ය නගරවැසියන් පවා එක්වූ එම සමීක්ෂණයට අදහස් හා යෝජනා විසි පන්දහසක් පමණ ලැබිණ. ඒවා පදනම් කරගෙන මාස 6ක කාලයක් තිස්සේ පර්යේෂණයක් සිදු කිරීමෙන් පසු “Fu zhou නගරයේ 20 වසරක ආර්ථික හා සමාජ සංවර්ධන උපායමාර්ගය”1992 වසරේ නොවැම්බර් මස ෂී ජින් පිං මහතාගේ ප්‍රමුඛත්වයෙන් Fu zhou නගර සභාවේ පූර්ණ සැසියක දී සම්මත කෙරිණ.

එම උපාය මාර්ගය අනුව Fu zhou නගරය වසර 3කින්, වසර 8කින් හා වසර 20කින් වෙන් වෙන්ව නියමිත වූ සංවර්ධන ඉලක්ක සපුරාගෙන තිබේ. වි‍ශේෂයෙන් ‍ගෙවුණු දශක දෙක තුළ  වෙරළාසන්න නගරයකට හිමි සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන දියුණු සමුද්‍රීය ආර්ථික රටාවක් නිර්මාණය කර ගැනීමට Fu zhou නගරය සමත්ව ඇත. 2022 වසරේ Fu zhou නගරයේ සමස්ත සමුද්‍රීය නිමැවුම් අගය යුවාන් බිලියන 330 ඉක්මවා ‍ගොස් ඇති අතර, එය වසර ගණනාවක් අඛණ්ඩව සෙසු නගර අභිබවා යාම ද විශේෂත්වයකි.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම