ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව IMF අවධාරණය කරයි
2024-01-21 16:13:53
Share with:

තිරසර ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අවධාරණය කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සහ ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය අගය කරන බවයි. සිය සංචාරය අවසන් කරමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ඔවුහු මේ බව කියා සිටියහ.එහිදී අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය, යහපාලන භාවිතාවන් සහ ද්විපාර්ශවික ණය හිමියන් සමග ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකගතා පදනම් කරගත් අවසන් ගිවිසුම් කරා ගමන් කිරීම මෙන්ම වාණිජ සහ පෞද්ගලික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම