රතු මුහුදේ අර්බුදය යුරෝපීය උද්ධමනය ඉහළ නංවන බවට අනාවරණයක්
2024-01-21 19:34:49
Share with:

මෑත දින කිහිපයකදී ම ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යේමනයේ Houthi සන්නද්ධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කර තිබේ. මෙය කලාපීය ආතතීන් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇති අතර ගෝලීය නාවික ගමනාගමනයට දැඩි ලෙස බලපා තිබේ.

යුරෝපය, ඇමරිකාව සහ මැද පෙරදිග අතර බලශක්ති සැපයුම සහ වෙළඳ ප්‍රවාහනයේ සැලකිය යුතු ප්‍රමාණයක් රතු මුහුද හරහා සිදු කරන බව, බොහෝ ආයතනවල විශ්ලේෂණකයන් පෙන්වා දුන්නේය. මෙම සමුද්‍රීය කේන්ද්‍රස්ථානය අඛණ්ඩව අවහිර වීම උද්ධමනය නැවත ඉහළ නැංවීමට හේතු වනු ඇති අතර, යුරෝපීය බලශක්ති සැපයුමට ද බලපෑම් එල්ල විය හැකි බව ඔවුහු පැවසූහ.

ජාත්‍යන්තර නෙදර්ලන්ත සමූහයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ දෙසැම්බර් මැද භාගයෙන් පසු, රතු මුහුද-සූවස් ඇල මාර්ගයේ බහාලුම් නැව්වලින් 80% කට පමණ සිය මාර්ග වෙනස් කිරීමට බල කෙරුණි. මේ වසරේ ජනවාරි මස මුල් භාගය වන විට එය 90% දක්වා ළඟා විය.

බ්‍රිතාන්‍යයේ Oxford ආර්ථික පර්යේෂණ ආයතනය මේ වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවක් පෙන්වා දුන්නේ, බහාලුම් ප්‍රවාහන පිරිවැය වත්මන් මට්ටමේ පැවතුනහොත්, ගෝලීය උද්ධමන අනුපාතය 0.6% කින් පමණ ඉහළ යා හැකි බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම