නොබැඳි ජාතීන්ගේ 19 වැනි සමුළුව කම්පාලා අගනුවරදී අවසන් වේ
2024-01-21 15:55:08
Share with:

නොබැඳි ජාතීන්ගේ 19 වැනි සමුළුව ඊයේ(20) උගන්ඩාවේ කම්පාලා අගනුවරදී අවසන් විය. ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට චෝදනා කරමින් පලස්තීන ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් පෙර නොදුටු සිවිල් ජීවිත හානි හා බලපෑම් විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා සමාප්ති උත්සවයේ දී ප්‍රකාශ කළේය. ‍එම ගැටුම සමස්ත කලාපයේම ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු උත්සහයන් ගත යුතු බව හෙතෙම පැවසීය.

1961 වසරේ සැප්තැම්බර් මස නොබැඳි ජාතීන්ගේ පළමු වැනි සමුළුව සර්බියාවේ දී පැවැත්විණ. ඉන් නොබැදී ජාතීන් නිල වශයෙන් බිහි වීම සිදු විය. මේ වනවිට සාමාජික රටවල් 120කින් සමන්විත නොබැඳි ජාතීන්ගේ සංවිධානය ජගත් ප්‍රජාවේ පුළුල් නියෝජනයක් ද සහිත ආයතනයකි. 1992 වසරේ සැප්තැම්බර් මස චීනය නොබැඳි ජාතීන්ගේ නිරීක්ෂක රටක් බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම