චීන ඇමරිකා කෘෂිකර්ම සහයෝගිතා ක්‍රමය යළි ඇරඹේ
2024-01-20 17:29:55
Share with:

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය Tang Renjian මහතා හා ඇමරිකා කෘෂිකර්ම ඇමති Thomas Vilsack මහතා පසුගිය 18 වනදා Washington නගරයේ දී චීන-ඇමරිකා කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ 7 වැනි සමුළුවේ සම-මුලසුන දරමින් චීන ඇමරිකා කෘෂිකර්ම සහයෝගිතා ක්‍රමය යළි ආරම්භ කළහ. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ මෙම ඒකාබද්ධ කමිටුව දෙරටේ කෘෂිකර්ම අමාත්‍යංශ නිත්‍ය ලෙස අදහස් හුවමාරු කිරීමේ වැදගත් මාර්ගයක් බවට පත් වන බවයි.

චීන ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන්‍ දෙරටේ කෘෂිකර්ම අමාත්‍යංශ දෙරටේ නායකයන් San Francisco නුවරදී පැමිණ ඇති එකඟතාව ක්‍රියාවට නැංවීම හා ඒකාබද්ධ කමිටුවේ සමුළුව යළි ආරම්භ කිරීම, චීන ඇමරිකා කෘෂිකර්ම සබඳතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව Tang Renjian මහතා එහිදී පැවසීය. ඇමරිකාව සමග දෙරටේ කෘෂිකර්ම සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් ආහාර හා කෘෂිකර්ම අංශයේ අපේක්ෂිත වර්ධන තත්ත්වය ඒකාබද්ධව ස්ථාවර කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය.

එම සමුළුව අතරතුර දෙපාර්ශ්වය දේශගුණික සූහුරු කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතබව, සිවිල් හුවමාරු හා වෙළඳ පහසුකරණය ඇතුළු කාර්යයන් පිළිබඳ ගැඹුරින් අදහස් හුවමාරු කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම