දිවයින පුරා සරම්ප එන්නත්කරණ වැඩසටහනක්
2024-01-20 16:03:01
Share with:

වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් අද (20) සහ හෙට (21) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.ඒ අනුව මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී. සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රීය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම