බ්‍රසීල ජනපති චීන විදේශ ඇමතිවරයා හමුවෙයි
2024-01-20 16:59:12
Share with:

බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා ඊයේ(19) Fortaleza හිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා හමුවිය.

බ්‍රසීලය සහ චීනය අතර ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීමට සහ බ්‍රසීල-චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට අපේක්ෂා කරන බව Luiz Inácio Lula da Silva මහතා එහිදී සඳහන් කළේ ය. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් චීනයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් චීනය සමග සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කර ගැනීමට බ්‍රසීලය බලාපොරොත්තු වේ. බ්‍රසීලයේ ආයෝජනය කිරීමට පැමිණෙන චීන සමාගම් සාදරයෙන් පිළිගන්නා බව ද බ්‍රසීල ජනාධිපතිවරයා පැවසීය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයන් ඇතිකරගත් වැදගත් එකඟතාවන් මැනවින් ක්‍රියත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, වං යී මහතා එහිදී සඳහන් කළේ ය. ‍එසේම ඉහළ පෙළේ හුවමාරු ශක්තිමත් කිරීම හා උපායමාර්ගික සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, චීන-බ්‍රසීල පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා නව අනාගතයක් නිර්මාණය කිරීමට ද චීනය කැමැත්තෙන් සි‍ටී. දෙපාර්ශ්වය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැඟීම සහ බ්‍රසීලයේ "ප්‍රති-කාර්මීකරණය" හා "වේගවත් වර්ධන සැලැස්ම" අතර උපායමාර්ගික පෙළගැස්ම ශක්තිමත් කළ යුතු බවත්, පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමේ දිගුකාලීන ඉලක්කය පැහැදිලි කළ යුතු බවත්, වං යී මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම