නොබැඳි ජාතීන්ගේ සමුළුවට එක්වූ රාජ්‍ය නායකයින් සමඟ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි
2024-01-20 16:00:41
Share with:

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමග ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණ. 

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ. මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය. එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස්  මහතා, ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් මහතා, බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම