චීන - කැමරූන් සහයෝගිතා තර කිරීමට දෙපාර්ශ්වයෙන් ප්‍රතිඥා
2024-01-19 10:40:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන උපඅග්‍රාමාත්‍ය Liu Guozhong මහතා ප්‍රමුඛ චීන රජයේ නියෝජිත පිරිසක් කැමරූන් රාජ්‍යයේ සංචාරයක නිරත වෙති.  එම සංචාරය අතරතුර එම පිරිස එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවූ අතර, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශවයම එහිදී ප්‍රතිඥා දී ඇත.

චීන උපඅගමැතිවරයා, කැමරූන් ජනාධිපති Paul Biya  සහ අගමැති Joseph Dion Ngute  යන මහත්වරුන් වෙත චීන ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති ලී ච්‍යං යන මහත්වරුන්ගේ සුබ පැතුම් පිරිනැමීය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹා ගෙවී ගිය වසර 52 තුළ දෙරට අවංක මිත්‍රත්වයෙන් හා සමානාත්මතාවයෙන් එකිනෙකාට සැලකූ බව චීන උපඅගමැතිවරයා මෙහිදී පැවසීය. කැමරූන් හි සංවර්ධන ජයග්‍රහණ ද ඔහුගේ පැසසුමට ලක්විය. අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ඉදිරියට ගෙන යාමට චීනය සූදානම් බවත්, පොදු ඉරණමක් සහිත, උසස් මට්ටමේ චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට දායක වීම චීනයේ අපේක්ෂාව බවත් ඔහු කියාසිටියේය.

චීන ජනපති සහ අගමැති වෙත තම සුබ පැතුම් පළ කරන ලෙස කැමරූන් නායක දෙපළ මෙහිදී ඉල්ලා සිටියහ. චීනය කැමරූන් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ මිතුරකු බව පැවසූ  ජනාධිපති Paul Biya  මහතා, සංවර්ධනයේ දී චීනය දක්වන සහයෝගයට තම කෘතවේදීත්වය පළ කළේය. එකම චීනය මූලධර්මය තරයේ පිළිගන්නා තම රට, ඒ සම්බන්ධයෙන් දරන ස්ථාවරය වෙනස් නොකරන බව ද ඔහු අවධාරණය කළේය.

අගමැති Joseph Dion Ngute මහතා මෙහිදී කියාසිටියේ, මිත්‍රත්වය පිළිබඳ දිගු ඉතිහාසයක් හිමි චීනය සහ කැමරූන් රාජ්‍යය අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම් හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීම තම අපේක්ෂාව බව යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම