ඇන්ටිගුවාව හා බාබුඩා අග්‍රාමාත්‍යවරයා ලබන 22 වනදා සිට චීනයේ සංචාරයක
2024-01-19 18:56:26
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ආරාධනාවට අනුව ඇන්ටිගුවාව හා බාබුඩා අග්‍රාමාත්‍ය Gaston Browne මහතා ලබන 22 වනදා සිට 28 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(19) පැවසුවාය. එම සංචාරය තුළ Gaston Browne මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leji යන මහත්වරුන් ද හමුවීමට නියමිත ය. එමෙන්ම Gaston Browne මහතා වෙනුවෙන් චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර ඇති අතර ඔවුන් එක්ව සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබීමේ උත්සවයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

2014 වසරෙන් පසු අග්‍රාමාත්‍ය Gaston Browne මහතා යළි චීනයට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව Mao Ning මහත්මිය කියාසිටියාය. එම සංචාරය ඔස්සේ දෙ‍රටේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් දියුණු කිරීම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ශක්තිමත් කිරීම, සාම්ප්‍රදායික මිතුදම තහවුරු කිරීම සිදු කරමින් චීන-ඇන්ටිගුවාව හා බාබුඩා සබඳතාව අඛණ්ඩව ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි චීනය විශ්වාසය කරන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම