චීන-උස්බෙකිස්තාන සබඳතා තවදුරටත් සහතික කරන උස්බෙකිස්තාන ජනාධිපතිවරයාගේ චීන සංචාරය
2024-01-19 17:38:06
Share with:

උස්බෙකිස්තාන ජනාධිපතිවරයාගේ චීන සංචාරය චීන-උස්බෙකිස්තාන සබඳතා වර්ධනයට තවත් රුකුලක් වනු ඇති බවට චීනය විශ්වාස පළ කරයි.

අද (19) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය උස්බෙකිස්තාන ජනාධිපතිවරයාගේ එළඹෙන චීන සංචාරය පිළිබඳ අදහස් දැක්වුවා ය. චීනය හා උස්බෙකිස්තානය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර ගත වූ වසර 32 තුළ විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා යහපත් අන්දමින් පවත්වා ඇත. මේ වසර ආරම්භයේ උස්බෙකිස්තාන ජනාධිපතිවරයා පළමු විදේශ සංචාරය සඳහා චීනය තෝරා ගැනීම මගින් ඉහළ මට්ටමක පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා මැනවින් පිළිබිඹු වන බව මෞ නිං මහත්මිය එහිදී කියා සිටියා ය. උස්බෙකිස්තාන ජනාධිපතිවරයාගේ චීන සංචාරය පදනම් කරගෙන ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම