ජාතියේ විශිෂ්ට ඉංජිනේරුවන් අගයමින් සම්මාන ලබා දීමේ සම්මන්ත්‍රණයේදී චීන ජනපතිගෙන් වැදගත් උපදෙස්
2024-01-19 20:02:17
Share with:

"ජාතික ඉංජිනේරු සම්මානය" පිළිබඳ ඇගයීමේ සම්මන්ත්‍රණය අද(19) බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙහිදී වැදගත් උපදෙස් ලබා දෙමින්, "ජාතික විශිෂ්ට ඉංජිනේරුවන්" සහ "ජාතික විශිෂ්ට ඉංජිනේරු කණ්ඩායම" වෙත සිය උණුසුම් සුබ පැතුම්  පළ කළේ ය.

ෂී ජින් පිං මහතා සුබ පැතුම් පළ කරමින් සඳහන් කළේ, ඉංජිනේරුවන් මානව වර්ගයාට යහපත් ප්‍රතිලාභ ලබා දීමට සහ අනාගතය නිර්මාණය කිරීමට අවශ්‍ය ඉංජිනේරු තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් බලවේගයක් වන බවයි. එමෙන්ම ඔවුන් රටේ උපායමාර්ගික කුසලතා බලකායේ වැදගත් කොටසක් ද වේ. අනාගතයේ දී, ඉංජිනේරු හා තාක්ෂණික කුසලතා සම්බන්ධ ස්වාධීන පුහුණුව තවදුරටත් වැඩි කළ යුතු අතර, ඉංජිනේරුවන්ගේ සමාජ තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු කළ යුතුය. ඔවුන්ගේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන අතර, විශිෂ්ට ඉංජිනේරුවන්ගෙන් සමන්විත මහා පරිමාණ කණ්ඩායම් ගොඩනැගීම වේගවත් කළ යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

චීන ලක්ෂණ සහිත නවීකරණය සමග, ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට රට පුරා සිටින ඉංජිනේරු සහ තාක්ෂණික නිලධාරීන් වැඩි දායකත්වයන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.  එහෙන්ම ඔවුහු විද්‍යාව හා තාක්ෂණය සමඟින් රටට සේවය කිරීම සහ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ පරමාදර්ශය දැඩි ලෙස පිළිපැදීම මෙන්ම, ප්‍රධාන මූලික තාක්ෂණයන් ඉක්මවා උසස් තත්ත්වයේ සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැප වනු ඇතැයි බලාපොරොත්තු වන බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

මෙම සම්මන්ත්‍රණයේදී, පුද්ගලයන් 81 දෙනෙකුට " ජාතික විශිෂ්ට ඉංජිනේරුවන් " යන ගෞරව නාමය ද කණ්ඩායම් 50 කට "ජාතික විශිෂ්ට ඉංජිනේරු කණ්ඩායම" යන ගෞරව නාමය ද පිරිනමන ලදි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම