චීනයේ ආර්ථික ප්‍රකෘතිමත්භාවයට ජාත්‍යන්තර තලයේ පැසසුම්
2024-01-19 09:34:04
Share with:

2023 වසරේ චීනය අත්කර ගත් ආර්ථික ප්‍රකෘතිමත්භාවය, ලෝක ආර්ථික වර්ධනයට පුළුල් දායකත්වයක් ලබා දී ඇතැයි, ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වූවන් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ විවිධ සම්භාවනීය පුද්ගලයෝ ප්‍රකාශ කරති. ඔවුන් චීනයේ ආර්ථික සංවර්ධන අපේක්ෂා කෙරෙහි විශ්වාසය තබා ඇත.

චීනයේ ආර්ථිකය ස්ථාවර ලෙස ඉදිරියට යමින් පවතින බවත්,එහි අනාගත සංවර්ධනය පිළිබඳව තමා සුබවාදී අදහසකින් සිටින බවත් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක ආර්ථික සංසදයේ විධායක අධ්‍යක්ෂ Mirek Dusek මහතා පැවසුවේ, 2023 වසරේ දී චීන ආර්ථිකය වසරින් වසර 5.2% කින් වර්ධනය වීම ජයග්‍රහණයක් බව යි. එසේම, එය ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත්භාවයට ප්‍රබල දායකත්වයක් සැපයූ බවත්, ලෝක ආර්ථිකයට චීනය අවශ්‍ය බවත් හෙතෙම කියාසිටියේය.

බොහෝ ගෝලීය සමාගම්වල තීරණ කෙරෙහි චීන වෙළඳපොළ බලපාන බැවින්, කිසියම් සමාගමක් චීනය කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම්, විශාලතම වර්ධන අවස්ථාව මගහැරෙනු ඇතැයි ස්විට්සර්ලන්ත ආසියා වාණිජ මණ්ඩලයේ සභාපති Urs Lustenberger මහතා පැවසීය.

චීනයේ ආර්ථිකය සාමයේ සහ සහයෝගිතාවයේ ආර්ථිකයකි. එසේම,“එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධ ඉදිකිරීම් ව්‍යාපෘති ඔස්සේ චීනය බොහෝ රටවල් සමඟ පොදු අවශ්‍යතා මුල්කර ගත් සංවර්ධන සබඳතාවක් ගොඩනගා ගෙන ඇතැයි චිලී රාජ්‍යයේ ආර්ථික විද්‍යාඥවරියක මෙන්ම එරට විවෘත විශ්වවිද්‍යාලයේ පළාත් පාලන ආයතන අධ්‍යක්ෂ Marcela Vera මහත්මිය  පැවසුවාය. මෙමගින් ගෝලීය ආර්ථිකයට සුවිශේෂ ආදර්ශයක් සපයා ඇති බව ද ඇය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම