චීන-ඇමරිකා සබඳතා ඉතිහාසයට, ජනතාවට සහ ලෝකයට වගකිව යුතුයි-ඇමරිකාවේ චීන තානාපති
2024-01-19 11:31:43
Share with:

චීන-ඇමරිකා සබඳතා ඉතිහාසයට, ජනතාවට සහ ලෝකයට වගකිව යුතු බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි.  

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 45වැනි සංවත්සරය වෙනුවෙන් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ 16වැනිදා පැවති අලුත් අවුරුදු උත්සවයේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. චීනය හා ඇමරිකාව ඉතිහාසයට ජනතාවට හා ලෝකයට වගකිව යුතු ලෙස කටයුතු කරමින් දෙරටේ සබඳතාව ඉදිරියට ගෙන යන ලෙස ඔහු දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටී. 

චීන-ඇමරිකා සබඳතාවේ ඉතිහාසය ජාත්‍යන්තර සබඳතාවේ ඉතා වැදගත් පරිච්ඡේදයක් බවට පත්ව තිබේ. එම සබඳතාවේ අනාගතය දෙරටේ ජනතාව විසින් අඛණ්ඩව නිර්මාණය කළ යුතු බවද හෙතෙම පැවසීය. දෙපාර්ශ්වය ඉතිහාසයට වගකිව යුතු අතර චීන-ඇමරිකා සබඳතාවල නිවැරදි දිශාව ග්‍රහණය කර ගැනීම පළමුව සිදු කළ යුතුය. දෙරටේ නායකයන් San Francisco හමුවේදී එළඹුණු වැදගත් එකඟතාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි. දෙවැන්න ජනතාවට වගකියමින් ඉහළ ප්‍රතිලාභ ලබා දිය හැකි අයුරින් ක්‍රියා කිරීමයි. තුන්වැන්න දෙපාර්ශ්වය ම වගකීම් සහගත වෙමින් ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ලබා දීමයි. මේ අනුව, පලස්තීන-ඊශ්‍රායල ගැටුම, යුක්‍රේන අර්බුදය, දේශගුණික විපර්යාස සහ කෘත්‍රිම බුද්ධිය වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද චීන තානාපති  Xie Feng මහතා ප්‍රකාශ කළේය.   

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම