සෑම ක්ෂේත්‍රයකම චීන-රුසියා සබඳතා දියුණු වෙමින් පවතී: රුසියානු විදේශ ඇමති
2024-01-19 09:37:24
Share with:

රුසියාව සහ චීනය අතර ඉහළ මට්ටමේ පුළුල් සහයෝගීතා යාන්ත්‍රණයන් ස්ථාපිත කර ඇති අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාව සෑම ක්ෂේත්‍රයකම ශක්තිමත් වෙමින් පවතින බව රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා කියා සිටී.

සිය වාර්ෂික මාධ්‍ය හමුවේදී චීනයේ ෂින්හුවා මාධ්‍යයේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ඊයේ(18)මේ බව පැවසීය.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතා ව්‍යාපෘති සඳහා සමීප සම්බන්ධීකරණයට පහසුකම් සපයන ඵලදායී ව්‍යුහයක් ලෙස රුසියානු-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ක්‍රියා කරයි. එය නව යුගයක් උදා කිරීමට හේතු වනු ඇත.

ආර්ථීක සහයෝගීතාවයට නිදසුනක් ලෙස රුසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව 2023 දී ඇ.ඩො බිලියන 200 ක ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇති බව ද ඔහු පැවසීය.

දෙරට අතර සංස්කෘතික හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් සිටී. විවිධ මට්ටම්වල සංවාද සඳහා අවස්ථා සලසමින් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් කිහිපයක් 2024 සඳහා දැනටමත් සැලසුම් කර ඇති බව Sergei Lavrov මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම