අයිවරි කෝස්ට් විදේශ ඇමති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
2024-01-19 11:02:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, අයිවරි කෝස්ට් විදේශ අමාත්‍ය Kacou Houadja Leon Adom මහතා හමුවෙයි. එම හමුව එරට අබිඩ්ජාන් නගරයේ දී ඊයේ (18) පැවැත්විණ. 

අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් බැඳීසිටින අයිවරි කෝස්ට් රාජ්‍යය සහ චීනය හවුල්කාරීත්වය පිළිබඳ මනා ආදර්ශනයක් බවට පත්ව ඇතැයි Kacou Houadja Leon Adom මහතා මෙහිදී ප්‍රකාශ කළේය. තම රට එකම චීනය මූලධර්මය නොවෙනස්ව අනුගමනය කරන බව ද  හෙතෙම සඳහන් කළේය. ආකර්ෂණීය මෙන්ම ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව සංවර්ධනය කර චීනයේ දියුණු අත්දැකීම් අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද Leon Adom මහතා පැවසීය. චීන - අප්‍රිකා සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ නව රැස්වීම මුල්කර ගනිමින් ගනිමින් දෙරට සහයෝගිතා තහවුරු කර අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබාගැනීම අප්‍රිකාවේ අපේක්ෂාව බවද හෙතෙම පැවසීය. 

දෙරට නායකයන් එළඹුණු වැදගත් එකඟතා යටතේ අදාළ ක්ෂේත්‍රවල සහයෝගිතා ඉදිරියට රැගෙන යමින්, නවයුගයේ චීන- අයිවරි කෝස්ට් සබඳතාව උදෙසා නව ඉදිරිදැක්මක් නිර්මාණය කරන බව වං යී මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

චීන-අප්‍රිකා සහයෝගීතා සාකච්ඡා මණ්ඩපය, එම සහයෝගීතා ඔස්සේ ලද හැකි දැවැන්ත ජයග්‍රහණ ප්‍රවර්ධනය කරන අතර, අප්‍රිකාවේ ආයෝජනය සඳහා යොමුවීමට ජගත් ප්‍රජාව දිරිගන්වා ඇත. සත්‍යය හා අවංකභාවය යන දැක්ම මත පිහිටා අප්‍රිකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම දෙරට පරිපාලන ක්ෂේත්‍රවල අත්දැකීම් හුවමාරු ශක්තිමත් කරන චීනය, චීන -අප්‍රිකා සහයෝගිතා යුගයේ මුල් පෙළට රැගෙන ඒම සඳහා ක්‍රියා කරනු ඇතැයි ද වං යී මහතා එහිදී කියාසිටියේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම