පාකිස්ථානය එල්ල කළ ප්‍රහාරය පිළිගත නොහැකි බවට ඉරානයෙන් චෝදනා
2024-01-19 09:46:23
Share with:

පාකිස්ථානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය අසමබර සහ පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙසට ඉරානය චෝදනා කරයි. ඉරාන පාකිස්ථාන දේශසීමාවේ පිහිටි ගම්මානයක් වෙත ප්‍රහාරය එල්ල විය.

ඉරානය තම ජනතාවගේ ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සිය රතු රේඛා ලෙසට සලකන අතරම ජනතාව සහ රජයන්  අතර යහපත් අසල්වාසි සහ සහෝදරත්වයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් කැපවී සිටින බව ද ඉරාන විදේශ අමාත්‍යංශය ඊයේ ( 18) පැවසීය. ත්‍රස්තාවාදීන් සැඟව සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල කළ බව පාකිස්ථානය සඳහන් කරයි. සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් තම භූමිය භාවිත කිරීම වැළැක්වීම වෙනුවෙන් වන කැපවීමෙහි එල්බ සිටින ලෙසට ද ඉරානය පාකිස්ථාන රජයට අවධාරණය කර සිටී. පාකිස්ථානයේ බලොචිස්ථාන් පලාතේ ත්‍රස්ත මධ්‍යස්ථාන වෙත ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් පාකිස්ථාන දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට ප්‍රතිචාර වශයෙන් පාකස්ථානය සිය ප්‍රහාරය එල්ල ක‍ර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම