Côte d'Ivoire ජනාධිපතිවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2024-01-18 19:56:20
Share with:

Côte d'Ivoire ජනාධිපති Alassane Ouattara මහතා ඊයේ(17) එරට Abidjan නගරයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා හමුවිය.

Alassane Ouattara මහතා එහිදී පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨ චීනය සමග මිත්‍රත්වය සහ Côte d'Ivoire-චීනය අතර ඇති ශක්තිමත් සබඳතා පිළිබඳව තමා සතුටු වන බවයි. චීනය සමග සබඳතාවලට Côte d'Ivoire ප්‍රමුඛත්වය ලබා දෙන අතර, චීනයේ සාර්ථක අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ද අපේක්ෂා කරයි. තායිවාන ගැටලුව සම්බන්ධයෙන් Côte d'Ivoire සතුව ස්ථාවර පැහැදිලි දැක්මක් ඇත. එනම්, ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් වන අතර, තායිවානය චීනයේ කොටසකි වන සත්‍යයි. එකම චීනය යන මූලධර්මය Côte d'Ivoire අඛණ්ඩව  පිළිගන්නා බව Alassane Ouattara මහතා අවධාරණය ‍කළේ ය.

චීනය ජාතික සමගිය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට Côte d'Ivoire ලබා දෙන සහයෝගය චීනය ඉහළින් අගය කරන බව, වං යී මහතා එහිදී පැවසීය. Côte d'Ivoire හි මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන් සම්බන්ධ ගැටළුවලදී චීනය ද සිය සහයෝගය අඛණ්ඩව තහවුරු කර ඇත. දෙරටේ නායකයන් එකඟ වූ වැදගත් එකඟතා එක්ව ක්‍රියාත්මක කිරීමට මෙන්ම, චීනය හා Côte d'Ivoire අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව අඛණ්ඩව ඉහළ නැංවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම