චීන ආර්ථිකය වේගවත් ප්‍රකෘතියක
2024-01-18 10:03:54
Share with:

2023 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 126.06ක් පමණ වූ අතර, එය 2022 වසරට වඩා 5.2% ක වැඩිවීමක් බව අදාළ දත්ත මගින් පෙන්නුම් කෙරේ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ද 2022 වසරට සාපේක්ෂව 5.4% කින් ඉහළ ගොස් ඇති අතර, නගරවල විරැකියා අනුපාතය 0.4% කින් පහත වැටී ඇත. ස්ථාවර වත්කම් ආයෝජන 3.0% කින් වැඩි වී තිබේ. චීන ආර්ථික ප්‍රකෘතිය තවදුරටත් තහවුරු ‍වෙමින් ඇති බව ඉන් පිළිබිඹු කෙරේ.

2023 දී චීන පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවිය වාර්තාගත ඉහළ අගයක් ගනී. ප්‍රධාන එන්ජිමක් ලෙස පාරිභෝගික වැය කිරීම් සමස්ත ආර්ථිකයට 4.3%ක වර්ධනයක් ලබා දී තිබේ. චීනයේ භාණ්ඩ ආනයන සහ අපනයන ස්ථාවර මට්ටමක පවතින අතර, අඛණ්ඩව වසර හතක් පුරා භාණ්ඩ වෙළඳාමේ විශාලතම රට වනු ඇති බවට සැලකේ. වත්මන් චීනය “ලෝකයේ කර්මාන්ත ශාලාව” පමණක් නොව, ගෝලීය නවෝත්පාදන උස්බිමක් බවටද පත්ව තිබේ. 2023 දී, අධි තාක්‍ෂණික කර්මාන්තවල ආයෝජනය ස්ථාවර වත්කම් ආයෝජනවලට වඩා වේගයෙන් වර්ධනය වී ඇත. පුනර්ජනනීය බලශක්ති විදුලි නිෂ්පාදනය ප්‍රථම වරට තාප බලය ඉක්මවා ගොස් තිබේ. චීනයේ උසස් මට්ටමේ සංවර්ධනය ශක්තිමත්ව ඉදිරියට යන බව ඉන් පෙන්නුම් කෙරේ.

2024 වසරේ චීන ආර්ථික වර්ධනය පිළිබඳව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සිය පුරෝකථන ඉහළ නංවා ඇත. බොහෝ කර්මාන්තවල චීනය ඉදිරියෙන් සිටීම හා චීන ආර්ථික පරිවර්තනයේ සංවර්ධනය තුළින් ඉදිරියේදී චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් දැක ගත හැකි බව ද එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ මහලේකම්  Rebeca Grynspan මහත්මිය ද පවසා ඇත.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම