2023 වසරේ චීන ආර්ථිකය වර්ධන ප්‍රවණතාවක් සමග යථා තත්ත්වයට
2024-01-18 17:23:45
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය ඊයේ(17) මාධ්‍ය හමුවක් පවත්වමින්, 2023 වසරේ ජාතික ආර්ථිකයේ කාර්ය සාධනය පිළිබද පැහැදිලි කළේය. අදාළ බොහෝ දර්ශක පෙන්නුම් කරන්නේ චීනයේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් සහ වැඩිදියුණු වෙමින් පවතින බවයි. උසස් තත්ත්වයේ සංවර්ධනය ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කරන අතර, ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක සාර්ථක ලෙස ඉටු කර තිබෙන බව ද ඉන් නිරූපනය කෙරේ.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අධ්‍යක්ෂ Kang Yi මහතා එහිදි පෙන්වා දුන්නේ, සමාන කොන්දේසි යටතේ ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට, 2023 වසරේ චීනයේ 5.2%ක ආර්ථික වර්ධන වේගය, ගෝලීය අපේක්ෂිත වර්ධන වේගය වන 3% ට වඩා වැඩි වන බවයි. මෙය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ද ඉහළ මට්ටමක පවතී. 2023 වසරේ චීනයේ ආර්ථිකය ලෝක ආර්ථික වර්ධනයට 30% කට වඩා දායකත්වයක් ලබා දී ඇතැයි අපේක්ෂා කරන අතර, මෙය ලෝක ආර්ථික වර්ධනයේ විශාලතම එන්ජිම වනු ඇති බව Kang Yi මහතා සඳහන් කර ඇත.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම